Skip to content Skip to footer

Special message from Ven. Digamadulle Wimalananda Thero

පෙබරවාරි 1 දා සිට, ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය සවස බුද්ධ වන්දනාව වෙනුවෙන් විවෘත වේ.
 
කාලය: ප.ව 6.30 – 8.30 දක්වා
 
පින්වතුනට විවෘත ප්‍රදේශය: සූ විසි මුනි සෑය ඉදිරිපිට, දහම් පාසල ගොඩනැගිල්ලට යාබද බුදු මැදුර
(ප්‍රධාන බුදු මැදුර, මුලු තැන් ගේ සහ සංඝාවාසය ප්‍රදේශය තව දුරටත් වසා තැබේ)
 
රජයේ කොවිඩ්සීමා කිරීම්, නීති රීති වලට යටත් ව, පින්වතුන්ට සවස බුද්ධ වන්දනාවට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.
 
ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙත්, විහාර ප්‍රජාවේත් ආරක්ශාව වෙනුවෙන්,
  1. ඔබ හෝ පවුලේ කෙනෙකු, සුලු හෝ අසනීප තත්ත්වයකින් පෙලෙයි නම් කරුනාකර විහාරස්ථානය තුලට පැමිනීමෙන් වලකින්න.
  2. ඔබගේ පැමිනීම අදාල QR code scanning හරහා හෝ පැමිණීමේ ලැයිස්තුවේ සටහන් කල යුතු වේ.
  3. විහාරස්ථානය තුලදී මුඛ ආවරණ පැලැඳීම අනිවාර්ය වේ.
  4. ගරුතර මහා සංඝ රත්නයේ අරක්ශාව වෙනුවෙන් සැමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ශා කල යුතුය.
  5. බුදු මැදුර තුල අසුන් ගැනීමේදී මීටර දෙකක පරතරය තබා ගත යුතුය. ඒ වෙනුවෙන් ඉඩ නැත්නම් කොරිඩෝව ප්‍රදේශයේ සිට සම්බන්ධ විය හැකිය.
පූජා භාන්ඩ සකස් කිරීම හා පූජා කිරීම :
  1. බෝමලුව මල් ආසනය අසල පැන් කරාමය ප්‍රදේශයේදී ඔබට පූජා භාන්ඩ සකස් කර ගනීමට හැකිවේ.
  2. කරුනාකර එම පූජා භාන්ඩ ස්වාමීන්වහන්සේලාට අත ගස්වන්නේ නොමැතිව, ඔබ විසින්ම බුදු මැදුරේ හෝ බෝ මලුවේ තැන්පත්කරන්න.
  3. බුද්ධ වන්දනාව අවසානයේ, පූජා භාන්ඩ විහාරස්ථානයෙන් ඉවතට ගෙන, බෝ මලුව ප්‍රදේශයේදී පිරිසිදු කොට, එහි ඒවා තිබූ ස්ථානයේම තැන්පත් කරන්න
  4. කිසිම විටක විහාරස්ථාන මුලු තැන් ගේ ප්‍රදේශය මේ වෙනුවෙන් භාවිතා නොකරන්න.
ස්වාමීන් වහන්සේලා වෙත පූජා කරන දානය සහ ගිලන්පස පෙර පරිදිම, ඒ සඳහා වෙන් කල ප්‍රදේශයේදී පිලි ගැන්විය හැක.
 
විශේෂ කාරනාවක් මත ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමට අවශ්ය නම්, දුරකථනය (9702 6275) හරහා විමසීම් කල හැක.
 
The Vihara Shrine Room is now open for devotees to attend for the Evening Buddha Pujawa.
 
Kindly follow all the CovidSafe guidelines to ensure safety for Venerable monks and Vihara community.
 
The puja items must be prepared at Bo Maluwa area and offer there or at Shrine Room yourselves.
 
We remind you to
  1. refrain from attending if you or a family member is not well
  2. wear face masks inside Vihara
  3. attendance marked via QR code scanning or pen and paper register
  4. maintain social distancing at all times
  5. and follow all other CovidSafe measures as advised by the state government.
Enquiries: 9702 6275

අති පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් විහාර ප්‍රජාවට කරන ලද විශේෂ දැනුවත් කිරීම

Visit Us

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, VIC 3806
Australia

Tel: +61 3 9702 6275
Email: committee@vihara.org.au

Opening Hours

Monday - Saturday
7:00am - 9:00pm

Sunday
7:00am - 1:00pm
6:00pm - 9:00pm

Buddhist Vihara Victoria Inc. © 2021. All Rights Reserved.